Wednesday, May 13, 2009

බුදු දහම සහ පන්සිල්

බුදු දහම ගැන කථා කරන විට අපට කථා නොකරම බැරි දෙයකි පන්සිල්.මේ පන්සිල් බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක්ද? මේ බව අප විසින් ඉතා ඥාණාන්විතව සොයා බැලිය යුතුය.මෙතෙක් කල් සාම්ප්‍රදායිකව අප විසින් මේ බව සොයා බැලීමකින් තොරව ස්වාමීන් වහන්සේලා අපට කියන බැවින් අපද මෙසේ ගිරවුන් සේ කියයි. නමුත් මෙහි අන්තර්ගතය සැලකුවහොත්,
මම සතුන් නොමරමි,සොරකම් නොකරමි.................. ආදී ලෙස කියමු.නමුත් මේ දෙස බුදුන් වහන්සේ කියූ ධර්මය දෙසින් බලන කල අපට මෙසේ සිල් සමාදන් විය හැකිද? යයි මා හට ඇතිවුනු ප්‍රශ්නයකි.
මන්ද කියතොත් බුදුන් වහන්සේ දෙශනා කරනුයේ මේ ලොව තුල මමය මාගේය කියා දෙයක් නොමැති බවය.ඉතින් මම සතකු මරන්නේ කෙසේද? මේ ලොව තුල මමෙකු නැතිනම් මා විසින් සතකු මරන්නෙ කෙසේදැයි මා හට ඇති වුනු ප්‍රශ්නයකි?
මීට ඔබට විසදුමක් අත්නම් කියනු මැනවි.මන්ද මෙම දහම අවබෝදයෙන් තෙරුම් ගත යුත්තක් බව මා විශ්වාස කරන බැවිනි.

6 comments:

  1. නයා වලිගෙන් අල්ලපු ගමන් ඌ අල්ලපු එක්කෙනා අනිවාර්යෙන් දශ්ඨ කරණවා. ඔබටත් එහෙම දෙයක් වෙන්න ඉස්සර ඔය ප්‍රශ්නය විසඳා ගන්න එක හොඳයි. මා කියා කෙනෙක් නැති බව දන්නෙ ප්‍රත්‍යක්ෂ වශයෙන් ඒක අවබෝධ කර ගත් මාර්ග ඵල වලට පැමිණි උත්තමයින් පමනයි. ඒ තැනට එන්න සමාන්‍ය පුද්ගලයින් සීලයක පිහිටල කුසල් දහම් වඩන්න ඕනෙ. ඊට පස්සෙ තමයි එ පුද්ගලයට ම කියා කෙනෙක් නති බව හොඳින් තෙරෙන්නෙ.

    එහෙම නොයෙන තාක් කල් ඔහු හිතන්නෙ මා කියා කෙනෙක් ඉන්නව. මේ ලෝකය නිත්‍යයයි සුකයි ආත්මයි කියල. එහෙම කෙනට තමයි කියන්නෙ ඉස්සෙල්ලම සීලයක පිහිටන්න කියල, ඒ සීලය දෙනකොට එයා පිහිටල තියන තැනට තේරෙන්න සීලය දෙන්න ඕනෙ. ඒකයි මම සතුන් නොමරමි..... යනුවෙන් සීලය අනුමොදන් වෙන්නෙ. එතන සිට ඉදිරියට සීලය පුරන්න ඕනෙ , දස සිල්, දස පුන්‍යය ක්‍රියා,......... කරන්න ඕනෙ
    ඉතින් ඔහොම යනකොට යම් දිනක තමන්ට පේනව මා කිය කෙනෙක් නැති බව

    පටලවා ගන්නෙ නැතුව දහම් මඟ යෑමට ලබේවා
    පන්සිල් බුදුන් වහන්සේ විසින්ම දේශනා කල සේක

    තෙරුවන් සරණයි

    ReplyDelete
  2. ඔබ කියන දෙය සම්පූර්ණ සත්‍යය අප වැරදි තැනකින් අල්ලා ගත හොත් එයින්ම අපට අවැඩක් සිද්ධ වෙන බව නොඅනුමානය.ඉතින් බුද්ධාදී උත්තමයන් දේශනා පසෙකලා මමෙක් ඇතැයි කියා එහිම ඇලී එහිම ගැටී එයින්ම මුලාවට පත් වීමෙන් අප කෙසේ නම් මමෙක් නැතැයි අවබෝධ කරන්නද?
    උදාහරණයක් ලෙස අපි යමක් හෝ යමෙක් ගැන ඉතා විශ්වාසයෙන් සිටී යයි සිතන්න.එවිට ඔබට යමකු ඒ දෙය හෝ කෙනා ගැන වැරදි දෙයක් කිව්වොත් ඔබ එය විශ්වාස කරන්නේද?නැත එය එසේමයයි ඔබ එය පිලිබඳව විශ්වාසයෙන් සිටියි.
    නමුත් ඕනෑම දෙයක් ගැන සත්‍ය බැලීමට නම් විශ්වාසය හා අවිශ්වාසය යන අන්ත දෙකෙන්ම මිදිය යුතුය.
    මෙය පිලිබඳ ඔබගෙම නුවනින් විමස බලන මෙන් මා ඔබගෙන් ඉල්ලා සිටිමි.මන්ද මෙම ධර්මය අසිය යුතු නොව බැලිය යුතු ධර්මයක් බැවිනි."ඒහි පස්සිකො භගවතෝ ධම්මෝ" යයි බුදුන් වහන්සේ දේශනා කලේ භග්‍යවතුන් වහන්සේගේ ධර්මය එව බලව ගුණයෙන් යුක්ත බවය.එනම් මෙම ධර්මය අහන ධර්මයක් නොව බලන ධර්මයක් බව ප්‍රත්‍යක්ෂ කරමිනි.
    එබැවින් මෙම ධර්මය දෙස බුද්ධියෙන් බලන ලෙස ඉල්ලා සිටින්නේ අප සැවොම මෙම ධර්මයේ ඵල නෙලා ගත යුතුය යන පරම පවිත්‍ර චේතනාවෙනි.
    ඔබගේ අදහස් සැපයීම ගන මම ඉතා කෘතඥ වෙමි.

    ReplyDelete
  3. පරමාර්ථ සත්‍යය සහ සම්මුති සත්‍යය යනුවෙන් ධර්මතා දෙකක් ගැන බුද්ධ දේශනාවේ සඳහන් වේ. පරමාර්ථ සත්‍යය තුල සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නොමැති බව විදරශනා කරන සම්මුති සත්තවයා අවබෝධ කරගනියි. සසරට බැඳෙන සංයෝජන ධර්ම දහයක් ඇතිබව ධර්මයේ සඳහන් වෙනවා. එයින් සක්කාය දිට්ඨිය හෙවත් ආත්මදෘෂ්ඨිය ප්‍රහාණය කරන කෙනා සෝතාපන්න වෙනවා.
    ආත්ම දෘෂ්ඨිය කියන්නේ මමය මාගේය මට කැමති ආකාරයට මේ සිත සහ කය පවත්වන්න හැකියි කියන වැරදි දෘෂ්ඨියයි. කය මෙන්ම සිතද හේතුන් නිසා හටගත් ඒ හේතූන් අභාවයට පත්වන විට ඒවාද අභාවයට පත්වන බවත් ඒ හැරෙන්නට මමය මාගේය කියා ගන්නේ තෘෂ්ණාමූලික චේතනාව සිතිවිල්ලක් පමණක් බවත්
    හය හුදු සංස්කාර ධර්මයක් පමණක් බවත් සත්‍යය වශයෙන් පවතින දෙයක් නොවන බවත් විදර්ශනා කරන විට,ප්‍රඥාව තුලින් දක්නට හැකිවෙනවා. ඔබ කියන දේ යම්දුරකට හරි. සම්මුතියේදී සත්ත්වයෙක් පුද්ගලයෙක් සිටිනවා කියා සිතීම සාධාරණයි. එහෙත් පරමාර්ථය දක්වා දියුණු කල විට එය හේතුඵලයක් පමණක් බව අවබෝධ වී ඒ මිත්‍යා සිතිවිල්ල දෘෂ්ඨිය
    අතහරිනු ලබනවා.

    ReplyDelete
  4. මේකයි වැඩේ, දැන් ඔබට ඔබ නැතැයි කියා ප්‍රත්‍යක්ෂද? නැතිනම් බුදුරදුන් කී නිසා එලෙස කියනවාද? බුදුදහමේ මේ පිළිබඳව පැහැදිලිව කියල තියෙනවා තමන්ගේ ප්‍රත්‍යක්ෂයෙන් තොරව පිළිගන්න එපා කියල. (චුල්ලහත්ථිපදෝපම සූත්‍රය නැණසින් කියවන්න) ඔබ මෙය ප්‍රත්‍යක්ෂ කරගෙන නැතිනම් ඔබට අනුව තවමත් ඔබ ඉන්නවා. ඔබට අනුව ඔබ ඉන්නවානම් දැන් ප්‍රශ්නයක් නෑනෙ! මේවා පටලවගන්නෙ නැතිව ධර්මයෙහි හැසිරෙන්න. ඔබට බුදු සරණයි!

    ReplyDelete