Saturday, August 28, 2010

ලොව ඉදිවන විශාලතම මෛත්‍රීය බුද්ධ ප්‍රතිමාව

මෙම ප්‍රතිමාව වනාහි මෙතෙක් ලොව ඉදිවන විශාලතම මෛත්‍රීය බුද්ධ ප්‍රතිමාව වේ.

මෙම ප්‍රතිමාවෙහි ඉදි වූ පසු පෙනෙන ආකාරය පහත රූපයෙන් දැක්වෙයි. මෙය ඉදි වන්නේ ප්‍රධාන වශයෙන් රටවල් 6 ක සහභාගීත්වයෙනි. මෙම ප්‍රතිමාව නිම වූ පසු එය අඩි 500 ක් උස වනු ඇත.මෙම ප්‍රතිමාව නිමවීම සඳහා යොදා ගනු ලබන්නේ ලෝකඩ නම් ලෝහයයි. එනම් ටින් හා තඹ යන ලෝහ දෙක මිශ්‍ර කර සාදනු ලබන ලෝහයකි. තවද මෙම ප්‍රතිමාව වසර 1000 ක් පවතින පරිදි නිපදවීමට නිර්මාපකයන් කටයුතු කරනු ඇත.

මෙම ප්‍රතිමාව දැනට ඉන්දියාවෙහි අපි හොදින් දන්නා කුසිනාරා ප්‍රදේශයෙහි ඉතා විශාල භූමි භාගයක් පුරා ඉදි වෙමින් පවතී. මේ අතරම මෙහි අධ්‍යාපනය, සෞඛ්‍ය, නවාතැන් මෙන්ම ධර්මය ඉගෙන ගැනීමට අවශ්‍ය පහසුකම් ද සහිතව ඉදි වීම තවත් විශේෂත්වයකි.

මෙම ව්‍යපෘතිය ගැන වැඩි විස්තර ඔබට පහත වෙබ් ලිපිනය ඔස්සේ ලබා ගත හැක.

http://maitreyaproject.org/