අප අසා ඇත්තේ මෙසේය.වරක් ස්වාමීන් වහන්සේලා පිරිසක් වනගතව භාවනායෝගීව සිටියේය.එසේ සිටින එම ස්වාමීන් වහන්සේලාට එක් වරම යක්ෂයන්ගෙන් භාවනා කටයුතු සඳහා බාධා පැමිණ ඇත.පසුව එම ස්වාමීන් වහන්සේලා බුදුරදුන් බැහැ දැක ප්‍රශ්නය ඉදිරිපත් කල විට බුදුරජුන් විසින් එම යක්ෂයන් ගෙන් බේරී සිටීමට කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළ බවය.
නමුත් මෙම කථාවත් සූත්‍ර දේශනාවත් අතර යම් පරස්පර බවක් ඇති බවක් සූත්‍ර දේශනාව තුලින් බලන විට හැඟීයයි.
මන්ද,මෙම සුත්‍ර දේශනාව ආරම්භ වනුයේ මෙසේය.
කරණීයමත්ත කුසලේන
යං තං සන්තං පදං අභිසමෙච්ච
මෙම පද දෙකෙහි තේරුම සිංහලෙන් සලකා බලද්දී,මෙසේ කිව හැක.
ශාන්ත පදනම නම් වූ නිවනට යමෙක් පැමිණ වසනු කැමතිද?,හේ මෙසේ කටයුතුය ලෙසය.
එනම් මෙම සුත්‍ර දේශනාව දේශනා කර ඇත්තේ නිවනට කැමති පුද්ගලයකු විසින් කල යුතු දෙයයි.නැත හොත් මෙය හුදෙක් යකුන් එළවීමට දේශනා කරන ලද සූත්‍රයක් නොවන බව පැහැදිලිය.
මෙම දේශනාවේ අවසාන පද පෙලෙන්ද මේ බව මොනවට පැහැදිලි වෙයි.එම පද පේලිය මෙසේය.
දිට්ඨිංච අනුපගම්ම සීලවා
දස්සනෙන සම්පන්නෝ
කාමෙසු විනෙයියගේදං
නහි ජාතු ගබ්බ සෙයියං පුනරේ තීතී.
මෙහි සිංහල අනුවාදය ගත් විට මෙසේ ප්‍රකශ කල හැක.
දෘෂ්ටියට නොපැමිණි සීලයෙන්,දර්ශනයට පත් වෙයි.
පංචේන්ද්‍රියන් විනයට පත්වෙයි(දෘෂ්ටියට නොපැමිණි සීලයෙන් හසුරවයී).නැවත ඉපදීමක් හෝ ගර්භාවසයකට පැමිණීමක් නැත.ලෙසය.
එනම් මෙම සූත්‍රය වනාහි එසේ මෙසේ එකක් නොව දර්ශනය(නිවන ) ලබා ගැනීමට බුදුන් විසින් දේශනා කරන ලද්දක් බව සුත්‍රය තුලින්ම දැක ගත හැක.එනම් දෘෂ්ටියකට නොපැමිණි සීලයක් අපට ඇති කර ගත හැකි නම් අපටද නිවන් සාක්ෂාත් කල හැකි විය යුතුය.එනම් කිසිම දෘෂ්ටියක් නොමැති තැන නිවන පිහිටන බව ප්‍රකාශ කල හැක.අප විසින් බෞද්ධයකු ලෙස සෑම දෙයක් දෙසම විමසිලිමත් නුවණින් විමසා බැලීම වටී.
අවසාන වශයෙන් මේ ලෝක ධාතුව තුල බුදුදහම ව්‍යාප්ත වේවා යයි ප්‍රාර්ථනා කරමි.